Loading...

ජනාධිපතිවරණයට ජෝතිෂ්‍ය අනාවැකි බැහැ

ජංගම දුරකථන කෙටි පණිවිඩ මත විමසීම්, විවිධ උපකාර පන්ති ගුරුවරුන් පන්තිවල ඡන්ද විමසීම්, ජොතිෂ්‍යවේදීන් ජනාධිපතිවරණය සම්බන්ධව විවිධ මත දැක්වීම මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයට අයත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ජනාධිපතිවරණයට බාධා වන ආකාරයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන පිරිසට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි ක්‍රියාවන් සිදු කිරීම මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයට ගැනීමට සිදුවන බවද ඔහු පැවසුවා.

ඒ මහතා කියා සිටින්නේ ජනාධිපතිවරණය සම්බන්ධව ජනතාව තුළ බියක් නිර්මාණය කර අයුතු බලපෑම් සිදු කිරීමට උත්සාහ දැරීම බලවත් වරදක් බවයි.

මාධ්‍ය මඟින් ඒවා ප්‍රචාරය කිරීම එම පුද්ගලයන්ට සිදු කරන අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණයක් බවත් ඒවාට මාධ්‍ය ප්‍රචාරණයක් ලබා නොදීම වඩා වැදගත් බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *