මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසා තිබෙනවා.
එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා කියා සිටියේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කාලය පසුගිය 07 වනදා මැදියම් රැයේ අවසන් වීමට නියමිතව තිබුණ ද, තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.
Leave a Reply