Loading...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම හෙට?

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධව පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවයි.

තවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු වගකීමක් නොමැති බවද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *