එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ නිහඬ කාලය කියන්නේ කියලා මේ ලිපිය තුලින් කතාබහට ලක් කරනවා.
ඡන්ද විමසීමේ දිනයට පැය 48කට පෙර කාලය නිහඬ කාලය ලෙස හදුන්වනවා. මෙම දින දෙක තුලදී කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට තහනම්. මෙම කාලය තුල ,
1. ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම
2. වතු රැස්වීම් හෝ නිවාස තුල රැස්වීම් පැවැත්වීම
3. ඡන්ද ආයාචනය කිරීම සදහා ගෙන් ගෙට යාම
4. අත්පත්‍රිකා බෙදීම
5. නිවේදිත ශාඛා කාර්යවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම
6. පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම
යන දේවල් කිරීම තහනම් වෙනවා. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතේ 70වැනි වගන්තිය තුළ නිහඬ කාල සීමාව පිළිබඳව ඇති නීතිමය පසුබිම පැහැදිලි කරලා තියෙනවා. මැතිවරණ දිනය වනතෙක් විතරක් නෙවෙයි මැතිවරණය ඉවර වී දින 7ක් යනකනුත් මේ නිතිය ක්‍රියාත්මක වෙනවා.
මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර්18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය වේ. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වනවා.
මෙවර මැතිවරණය තුල කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස සමාජ මාධ්‍ය ගත හැකිය. මෙම මැතිවරණ කාල සීමාවෙදි සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී මැදිහත්වීමක් දැකගන්න තිබුනා. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා දේශපාලනය ම මූලික කරගෙන තම අන්තර්ගතයන් නිර්මාණය කිරීම දක්නට ලැබුනා. කෙසේ නමුත් මෙවර මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීමේදී තරඟ කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් අපේක්‍ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ ඇති විශේෂත්වය වන්නේ සමාජ මාධ්‍ය භාවිතයේදී අනුගමනය කළ යුතු උපමානද එම ආචාරධර්ම පද්ධතියටම ඇතුළත් කර තිබීම. මේකෙන් විශේෂෙන්ම පැහැදිලි වෙනවා මෙවර මැතිවරණය තුල සමාජ මාධ්‍ය පිළිබද කෙතරම් අවධානයක් කොමිසම යොමු කරලා තියෙනවද කියලා. මෙමගින් සමාජ මාධ්‍ය ඔස්සේ දුස් තොරතුරු, අසත්‍ය තොරතුරු වගේම හිතාමතා සිදු කරන වැරදි ප්‍රකාශයන් සමාජගත කිරීම තහනම් වෙනවා. ඒ වගේම විදේශ රටවල් වල සිටද සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ මෙහෙයවීම සිදුවන බවද කොමිසම පවසනවා. එම නිසා මේ සියල්ල පිළිබද තමන් සැලකිලිමත් බව කොමිසම පවසනවා.
මෙවර මැතිවරණය ඉතාමත් තරඟකාරී මෙන්ම තීරණාත්මක මැතිවරණයක්. මැතිවරණ නිරීක්ෂණය සඳහා විදේශ නිරික්ෂකයන්ද පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එම නිසා මෙම මැතිවරණය ඉතාමත් සාමකාමිව සහ නිවැරදිව කිරීමට කොමිසම කටයුතු කරන ආකාරය දැනටමත් පෙනෙන්නට තියෙනවා. එම නිසා මෙවර මැතිවරණයේදී සමාජ මාධ්‍ය වල හැසිරීම ගැන කොමිසම වඩාත් යුහුසුළු වෙනවා. මේ හේතුව නිසාම පසුගියදා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ බලපෑම් කණ්ඩායම් කිහිපයක් සමඟ මැතිවරණ කොමිසම සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ මෙම මැතිවරණය සාර්ථක හා සාමකාමී කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීමට සමාජ මාධ්‍ය වලට උදව් වෙන ලෙසයි. මෙලෙස ගත්කල අපිට පෙනීයන්නේ මෙවර මැතිවරණ කොමිසම තුලින්ද පෙනෙන්නේ වෙන කවරදාටත් වඩා වෙනස් හැසිරීමක් බවයි. ඉතින් මේ නිසා මේ මැතිවරණය සාර්ථකව නිම කර ගැනීම සදහා සමාජ මාධ්‍යන්ද සහයෝගය ලබදෙවියයි අප විස්වාස කරනවා.
සටහන – චාතුර්යා








Leave a Reply