Loading...

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනපති ලේකම්ට ලියුමක්

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා ඒ යටතේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරෙන කමිටුවලට සම්බන්ධකර නොගන්නා මෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ට කොටසක් පමණක් අදාළ කමිටුවලට පත්කිරීම මඟින් අනෙක් අපේක්ෂකයන්ට අසාධාරණයක් සහ මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ලිපියෙන් දැනුවත් කර තිබෙනවා.

අදාළ කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් කටයුතු නොකරන ලෙසත්, රජයේ මුදල් යොදාගෙන මහජනතාවගේ සුබ සාධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් වනවා.

එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කර නොමැති බැවින් තවමත් එය බලාත්මක බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *