පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ ගංඟා ආශ්‍රිතව පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින දැඩි වර්ෂාව සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවධානම ද ඉහළ බවයි.
වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.
Leave a Reply