අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරු අද (23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට චෝදනා විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබූ අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.
2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.






Leave a Reply