සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් නොවැම්බර් 30 වැනිදා දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට වෘත්තීය සමිති රැසක් රජයට අනතුරු අඟවා තිබෙනවා.
මෙවර අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් පාර්ශ්ව කිහිපයක් මේ වන විටත් විවිධ විරෝධතාවල නිරත වන පසුබිමකයි ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ.
ඒ අනුව අයවැයට විරෝධය පළ කරමින් ගුරු, විදුහල්පති, සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති රැසක් හෙට (23) වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති අතර, අයවැය සහන ඉල්ලා ප්‍රදේශ රැසක ගුරුවරුන් අදත් විරෝධතාවල නිරත වුණා.
කෙසේ වෙතත් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරන්නේ සිය සංගමය හෙට ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවී එළඹෙන 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
මේ අතර හෙට දිනයේදී සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් රාජ්‍ය ආයතන නියෝජනය කරන අංශ රැසක් ද මෙම විරෝධතා ක්‍රියාමාර්ග සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ”ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට” යන තේමාව යටතේයි.






Leave a Reply