මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව පූර්ව වේලාවක් වෙන් කරගෙන (Appointment) පැමිණිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
වේලාවන් වෙන් කර ගැනීමේ පද්ධතියට මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත්, https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා සුපුරුදු පරිදි වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply