අයවැයට විරෝධය පළ කරමින් අද (23) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් පියවර ගෙන තිබෙනවා.
සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පති ක්ෂේත්රවල නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන් ද මෙම විරෝධතාව සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රුපියල් 25,000ක අතුරු දීමනාවක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දිය යුතු බවට වන ඉල්ලීම මුල් කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළා.
මේ අතර රජයට විරෝධය පළ කරමින් අද දිනයේදී කළු ඇඳුමින් සැරසී පාසල්වලට පැමිණෙන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසූ අතර, වත්මන් රජය කම්කරු පන්තිය නොසලකා හරිමින් කටයුතු කිරීම මෙම ගැටලුවලට හේතුව වී ඇති බව සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා ප්‍රකාශ කළා.
අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා සඳහන් කළ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු නොකළහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කියා සිටියා.
එමෙන්ම රජය විසින් නිර්මාණය කර ඇති ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව වහා පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.






Leave a Reply