Loading...

මිදිගම දුම්රිය හරස් මාර්ගයකදී STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල

වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක මෙම ජීප් රථය ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *