Loading...

ICC විස්සයි විස්ස තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ ඇතුළත් සංචිතයේ නායකත්වය වනිදු හසරංග හට පවරා ඇති අතර උප නායකත්වය චරිත් අසලංක පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ජුනි පළමු වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය ජුනි 2 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව් යෝර්ක් හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් එළඹෙන 14 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.

කෙසේ වෙතත් නම් කර ඇති ලෝක කුසලාන සංචිතවලට වෙනස්කම් ලබන මැයි මස 25 වනදා දක්වා ICC විසින් අවසර ලබාදී ඇති අතර ඉන්පසුව සිදුකරන වෙනස්කම් සඳහා ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *