Loading...

ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම ගැන ආ අලුත්ම ආරංචිය

ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඊයේ (17) දැනුම් දී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි.

අවශ්‍යතා පරිදි මුදල් වරින්වර ගන්නා අයුරින් පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අනතුරුව දීර්ඝව සාකච්ඡා කෙරුණා.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 1000ක් මුදලක් වෙන්කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *