මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා තිබෙනවා.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
අදාළ රැස්වීමේදී පොලිස්පතිවරයෙක් නොමැතිව මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.
තවද මැතිවරණයට අදාළ නාම යෝජනා භාර දීමේ කටයුතු පිළිබඳව සහ ඊට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.
2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.








Leave a Reply