Loading...

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව වටය ගැන ගන්න යන තීරණය

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පුර්ව තරඟයක් වෙනුවෙන් අතිරේක දිනයක් ලබා නොදෙන බවට ක්‍රීක් බස් වෙබ් අඩවි වාර්තා පෙන්වා දෙනවා.

අදාළ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පැය 4ක අමතර කාලයක් පමණක් ලබාදීමට ICC හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙවර තරඟාවලිය ආරම්භයට පෙර සිටම සඳහන් කළේ තරඟාවලියක් අවසන් පුර්ව තරඟ සහ අවසන් මහා තරඟයට වැස්සෙන් බාධා එල්ල වුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දිනයක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් පළමු අවසන් පුර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබා දුන්නද, දෙවන අවසන් පුර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ අනුව අවසන් පුර්ව තරඟයට යම් ලෙසකින් අමතර දිනයක් ලබා දුණහොත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායමට ඒ වෙනුවෙන් සුදානම් වීමට ඉතිරිව ඇත්තේ පැය 24කටත් අඩු කාලයක් පමණි.

මේ හේතුවෙන් දෙවන අවසන් පුර්ව තරඟයට අමතර දිනයක් ලබා නොදී අමතර පැය 4ක පමණක් ලබාදීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම දැනට තීරණය කර ඇත්තේ.

මේ අතර 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වනදා ආරම්භවීමට නියමිත අතර අවසන් මහා තරගය ජුනි 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *