Loading...

ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට අහිමිවෙයි

තියුණු සටනකින් අනතුරුව සිංගප්පුරුව හමුවේ ලකුණු 67-64 ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට අද (27) සිදුවුණා.

13 වන වරටත් පැවැත්වූ මෙවර ශූරතාවලියේ ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර්හිදී පැවැත්වුණා.

මෙහිදී අවසන් මහා තරඟය දක්වා අපරාජිතව පැමිණ ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි වුණා.

ආසියානු දැල්පන්දු තරඟ බිමේ පෙරළිකාර කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) අහිමිව ගියේ 7 වන වරටත් ආසියානු ශූරියන් ලෙස කිරුළ පැළදීමට තිබු අවස්ථාවයි.

අවසන් වරට පැවැත්වූ තරඟාවලි දෙකම 2018 සහ 2022 ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම 1989, 1997, 2001 හා 2009 වර්ෂයන්හි ආසියානු ශූ රතාව ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ආසියානු දැල්පන්දු ශූරතාවලි 11 දීම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම අද ලද පරාජය සමඟ ඔවුන් 5 වතාවක් අවසන් මහා තරඟයේ දී පරාජයට පත්ව තිබෙනවා.

1985, 2012, 2014 හා 2016 වර්ෂයන්දීද ශ්‍රී ලංකාව අනුශූරියන් බවට පත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *