අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන් ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ වීඩියෝගත කළ බවට පැවසෙන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙක් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කුරුඳුවත්ත පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.
අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන් ද සමඟ කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ දී එම ප්‍රදේශයෙහි නිවසක සිට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථ පෙළ ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම පිළිබඳව මෙම විමර්ශනය සිදු කරනු ලබනවා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධව මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටයි.
සැකකරු වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේ ද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධව හඳුනාගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩිදුරටත් පැවසුවා.







Leave a Reply