Loading...

කොල්කටා කණ්ඩායම 2024 IPL ශූරයන් වෙයි

2024 IPL තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේ දී සමත් වුණා.

චෙන්නායි හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායක පැට් කම්මින්ස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

පැට්ගේ එම තීරණය ප්‍රබල පිළිතුරක් ලබාදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සන්රයිසස් කණ්ඩායමේ සියළු දෙනා පන්දුවාර 18.3කදී ලකුණු 113කට දවා ගනු ලැබුවා.

එය සැලකෙන්නේ IPL අවසන් මහා තරඟයක කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පන්දු යැවීමේ දී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් අන්ඩ්‍රි රසල් කඩුලු 3 ක් ද මිචෙල් ස්ටක් සහ හර්ෂිත් රානා කඩුලු 2ක බැඟින් බිද හෙලුවා.

ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගනු ලැබුවා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 52ක් රැස්කර ගත්තා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *