Loading...

IPL සතියකින් නැවතත් ඇරඹෙයි? PSL දින නියමයක් නොමැතිව කල් යයි

හදිසියේ අත්හිටුවන ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එලෙස අත්හිටුවන ලැබුවේ සතියක කාලයකට පමණක් බවට තොරතුරු වාර්තා වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තාන අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරඟාවලිය අත්හිටුවීමට ඊයේ (09) හදිසි තීරණයක් ගනු ගෙන තිබුණා.

මේ අනුව තරඟාවලිය නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුන් සමඟ සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම් දෙන බවද ඉන්දීය ක්‍රිකට් ආයතන වැඩිදුරටත් පවසනවා.

මේ අතර පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය ඉතිරි තරඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණේ එම තරඟාවලියේ ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි.

කෙසේ වෙතත් තරඟාවලියට සත්කාරකත්වය ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අකමැත්ත පළ කිරීම හේතුවෙන් පාකිස්තාන බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *