Loading...

ගෝඨාභයට කුඩා දරුවෙකුගේ තරමකවත් හැකියාවක් තිබ්බේ නෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පලවා හරිනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩා දරුවෙකුගේ තරම්වත් කළමනාකරණ හැකියාවක් නොතිබූ බව නාරාහේන්පිට අභයරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ “ජන අරගලයේ දෝංකාරය” නැමැති පොත එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරීමට තමන් ඇතුළු සංඝරත්නය කැපවීමෙන් කටයුතු කළ බවයි. ඔහුගේ පරිපාලන නොහැකියාව මත රාජපක්ෂවරුන්ට තිබුණු ගෞරවයද බිඳ වැටුනු බවයි මුරුත්තෙට්ටුවේ හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *