ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (29) යෙදී තිබෙනවා.
අද දිනයේ දී කිතුණු බැතිමතුන් ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස සලකන අතර ඊට සමගාමිව කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ද සංවිධානය කර ඇති බව සඳහන්.
මහ සිකුරාදා දිනට පසු එළඹෙන ඉරිදා දිනයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසය ලෙස සැලකෙනවා.
මේ අනුව මෙවර පාස්කු ඉරිදා දිනය අනිද්දාට යෙදී තිබෙනවා.
එදින ක්‍රිස්තුස් වහන්සේ උත්ථානවීම හෙවත් මළවුන් පරදා නැගිටීම සිහි කරමින් කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.
මේ අතර අද (29) සිට ලබන ඉරිදා දක්වා දේව මෙහෙයන් පවත්වනු ලබන සියළුම කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දේව මෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන 253ක පියතුමන්ලා සමඟ එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
Leave a Reply