මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.
නෞකාවේ එන්ජින් කාමරයට ජලය ඇතුළු වීම හේතුවෙන් නෞකාව ක්‍රියා විරහිත වී ඇති අතර, සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ මෙම නෞකාව ටග් යාත්‍රා 4ක් ආධාරයෙන් වරාය පරිශ්‍රයට ඇදගෙන විත් ඇති බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරන්නේ.
මීටර් 160කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව කාර්මික දෝෂයට ලක්වන විටත් ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිට ඇති බව වාර්තා වෙනවා.
නෞකාව වරායට ඇතුළු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳී සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරාය මගින් නෞකාවට අවශ්‍ය සහාය ලබා දීමට පියවර ගත් බවත්, මේ වන විට එය වරාය පරිශ්‍රයේ අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කර ඇති ස්ථානයක රඳවා ඇති බවත් හම්බන්තොට වරාය පැවසුවා.
නෞකාවේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙරට දේශීය නියෝජිත සමාගම වෙත පැවරී ඇති අතර, නෞකාව යළි පිටත්ව යන දිනය මෙතෙක් තහවුරු කර නැහැ.







Leave a Reply