Loading...

මැතිවරණයට සුදානම් වෙන්න – මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සුදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීය, පොලිස්පතිවරාය සහ තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී තිබෙනවා.

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයටද මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් බවයි.

මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස සියලුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේ දී දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා කියා සිටියේ ඊට අමතරව නිලධාරීන් සහ වාහන සම්බන්ධ සංගණනයක් පවත්වන ලෙස සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවයි.

මැතිවරණ කටයුතු සඳහා සුදානම් වීමේ මුලික අරමුණින් මෙම උපදෙස් දුන් බවද එම කොමිසම සඳහන් කරනවා.

සැප්තැම්බර් 14 සහ ඔක්තෝම්බර් 16 අතර කාලයේ දී ජනාධිපතිවරණය පවත්වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *