Loading...

අපොස සා.පෙ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ඇරඹේ

2023 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ඊයේ (08) ආරම්භ කෙරුණා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද දිවයිනට බලපෑ කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින දෙකකින් කල් දැමු බවයි.

පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ඊයේ (08) දිනයේ සිට කිසිඳු ගැටළුවකින් තොරව ආරම්භ කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මේ අනුව ඊයේ (08) දින සිට 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *