අද (01) මැදියම් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක රුපියල් 135කින් මිල පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,115ක්.
තවද කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩු කර ඇත්තේ රුපියල් 55කින්. එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 1652කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 772ක් වන අතර එය අඩු කරනු ලැබුවේ රුපියල් 23කින්.
ලෝක වෙළෙඳපොලේ පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට මෙම සහන සැලසීම සිදු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95ක ලීටරයක මිල රුපියල් 7කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති බවයි.
මෙම මිල සංශෝධනය සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල වන්නේ රුපියල් 440කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක නව රුපියල් 386ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල 371ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 363ක් තවදුරටත් එලෙසින්ම නොවෙනස්ව පවත්වාගෙන යන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සිනොපෙක් සමාගම සහ ලංකා IOC සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කර තිබෙනවා.
Leave a Reply