Loading...

ගොවීන්ට මහ මඟ වී වේලීම තහනම් වෙයි

ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීමට ඉඩ ලබා නොදෙන ලෙස මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මාර්ගවල ගොවීන් වී වේලීම නිසා මාර්ගවල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රථ වාහන අනතුරු බහුල වී ඇති බවයි.

මේ හේතුවෙන් මෙම කන්නයේ දී පමණක් උතුරු පළාත් තුළ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.

කෙසේ නමුත් අව් රශ්මිය මහ පාරේ තාර විශේෂ සමඟ රත් වූ විට මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කිහිපයක් වී සමඟ එකතු වී එම රසායන ද්‍රව්‍ය සහල් සමඟ ද මුසු වන බවද ඔහු පෙන්වා දෙනවා.

එම ලිපියෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටින්නේ සියළුම රසායන ද්‍රව්‍ය පිලිකාරක රසායන ද්‍රව්‍ය බැවින් නිලධාරීන් හා ජනතාව ඒ සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව පියවර ගත යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *