Loading...

විදුලි බිල 20%කින් අඩු වෙයි?

විදුලි බිලෙන් සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය ලබන ජුලි මස 1 වනදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මේ සතියේ විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *