විදුලි බිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පෙන්වා දෙන්නේ විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති බවයි.
ඒ අනුව විදුලිබල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන විදුලිබිල 20%කින් අඩුකර එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින මහජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ට හැකි ඉක්මණින් ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවද එම කාරක සභාව පෙන්වා දෙනවා.
මෙමඟින් ජනතාවගේ ආර්ථික අපහසුතා එමඟින් යම් මට්ටමකට අඩු කළ හැකි බවයි අදාළ කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ.
විදුලිය උත්පාදනයේ දී ජල විදුලිබල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේ දී ඉහළ යෑම හේතුවෙන් එම මණ්ඩලයේ මුල්‍ය කාර්ය සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවද එම කමිටුව පෙන්වා දී තිබෙනවා.
Leave a Reply