ට්‍රැවිස් හෙඩ්ගේ හා අභිෂේක් ෂර්මාගේ ප්‍රවේගකාරී පිතිකරණය හමුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් පරදා කඩුලු 10ක් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ඊයේ (08) සමත්වුණා.
හයිද්‍රබාද් හිදී පැවැත්වුණු මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් වුණා.
ලක්නව් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 66 ක් තුළ බිද වැටුණු අතර ඔවුන් පවර්ප්ලේ අවස්ථාවේදී කඩුලු 2ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 27ක් පමණයි.
සිව්වන කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පස්වන කඩුල්ල සඳහා පන්දු 52කදී ලකුණු 99ක නොබිඳුණු සබඳතාවක් ගොඩගැනීමට නිකලස් පූරාන් සහ ආයුෂ් බදෝනිහට හැකි වුණා.
ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් නොදැවී ලකුණු 48ක් ලබාගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.
ආයුෂ් බදෝනි හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 55ක් ලබා ගනු ලැබුවා.
සිය මංගල IPL තරඟයට සහභාගී වූ විජයකාන්ත් වියස්කාන්ත් සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 27 ක් පමණයි.
බුවනේෂර් කුමාර් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙළුවා.
ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ෂර්මා සන්රයිසස් කණ්ඩායමේ පළමු පන්දුවාරයේ සිටම ලක්නව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් තම කණ්ඩායම විශිෂ්ඨ ජයක් කරා රැගෙන යාමට හැකියාව ලැබුණා.
ට්‍රැවිස් හෙඩ් පන්දු 30කින් හයේ පහර 8ක් හා හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබාගත් අතර අභිෂේක් ශර්මා පන්දු 28කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමඟ නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 75ක්.
සන්රයිසස් කණ්ඩායම පවර්ප්ලේ අවස්ථාව අවසන් කළේ කිසිඳු කඩුල්ල නොදැවී ලකුණු 107ක් ලබා ගනිමින්.
මෙම තරඟයේ ප්‍රතිඵලය සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට 2024 IPL තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැරීමට ද සිදු වුණා.
Leave a Reply