ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව තමා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ස්ර්හි ලංකා ආරම්භක ටෙස්ට් පිතිකරු දිමුත් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (05) ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පුහුණුකරුවෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සඳහා ඕස්ට්‍රේලියාවට යාමට සුදානමින් සිටින බවද දිමුත් පවසා සිටියා.
මෙය දිමුත්ගේ 100වන ටෙස්ට් තරගය වන අතර එය ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය වනු ඇති.
“මම ක්‍රිකට් නැවැත්තුවාට පසුව පුහුණුකරුවෙකු වෙන්න සුදුසුකම් හදාගන්න තීරණය කරලා තියෙනවා. පුහුණුකරුවෙකුට ලෙවල් 2, 3, 4 සුදුසුකම් සම්පූර්ණ කරගන්න තියෙනවා. ඉන් ලෙවල් 2,3 ඔස්ට්‍රේලියාවේදී හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ක්‍රිකට්වලම ගොඩක් කාලයක් හිටපු නිසා ඉන් ටිකක් මිදිලා අම්මලා තාත්තාලා එක්ක එහෙ (ඔස්ට්‍රේලියාවේ) ජීවිතය ගෙවන්න කැමතියි. ඉන් පසු මම තීරණය කර තිබෙනවා මගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ වෙනත් රටක ක්‍රිකට් දියුණු කරන්න ලබාදෙන්න.
අවුරුදු 3,4කට පස්සේ මම පුහුණුකාරිත්ව පැත්ත ලොකුවට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”.








Leave a Reply