සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරඟ ජයග්‍රහණය ලෙස වාර්තා අතරටද මෙය එක්වෙනවා.
කාසියේ වාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් 281ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් ද නායක චරිත් අසලංක ලකුණු 78ක් රැස් කිරීමට සමත්ව වුණා.
ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 107කට දැවී ගොස් තිබුණා.
මේ අනුව තරඟ 2කින් යුත් තරඟාවලිය තරඟ 2 – 0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.








Leave a Reply