2023 වසරේ දී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථික ස්ථාවර කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙලෙස ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කිරීම පිළිබඳව සතුටු වන බවයි.
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ආමන්ත්‍රණය කිරීමට සහ ආර්ථික ස්ථාවර ධනාත්මක වර්ධනයක් ඇති කර ගැනීමට ද ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා සඳහන් කර සිටිනවා.
තවද මේ වසරේ දී 1.9%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇති බවත් 2025 වසරේ දී එය 2.5%ක් දක්වා ඉහළ යනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුවේ පුරෝකථන කර තිබෙනවා.
මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණ ඇති බවත් මෙරට නිල සංචිත ඉහළ යමින් පවතින බවත් ශ්‍රී ලංකා රුපියල ද මේ වන විට ශක්තිමත් වී ඇති බවත් එම ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Leave a Reply