ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශ්රී ලංකාව මුහුණ දුන් දෙවන තරඟය බංග්ලාදේශය හමුවේ කඩුලු දෙකක අවමන් සහගත පරාජයක් ලැබුවා.
අමෙරිකාවේ ඩලස් හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් ලබා ගනු ලැබුවා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ දී සාර්ථක වූ එකම පිතිකරුවා වුයේ පැතුම් නිස්සංක පමණක් වූ අතර ඔහු පන්දු 28කට ලකුණු 47ක් ලබා ගත්තා.
කෙසේ වෙතත් අනෙක් කිසිඳු පිතිකරුවෙක් පිතිකරණයේ දී ශ්රී ලංකා කණ්ඩායමට සාර්ථක දායකත්වයක් ලබා දීමට හැකි වුයේ නැහැ.
බංග්ලාදේශය වෙනුවෙන් Mustafizur Rahman සහ Rishad Hossain කඩුලු 3 බැගින් කඩුලු දවා ගනු ලැබුවා.
ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්රාහී ඉලක්කය හඹා යාමට සමත් වුණා.
බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 28කට දැවී ගියද තව්හිද් හ්රිදෝයි සහ ලිටොන් දාස් සිව්වන කඩුල්ලට පන්දු 38කට ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගුවා.
තව්හිද් හ්රිදෝයි 12 වන පන්දු වාරයේ දී වනිදු හසරංගහට පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීම සමඟ බංග්ලාදේශයට ජයග්රහණයේ මාවත පහසු කළා.
කෙසේ නමුත් ශ්රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාරගේ අනර්ඝ පන්දු යැවීම බංග්ලාදේශයට දැඩි අභියෝගයක් එල්ල කළද එය ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයට ප්රමාණවත් වුණේ නැහැ.
ශ්රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර පන්දුවාර 4 තුළදී ලකුණු 18කට කඩුලු 4ක් සහ වනිදු හසරංග ලකුණු 32කට කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.
මෙම තරඟ පරාජය සමඟ ශ්රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලියේ මුලික වටයෙන් ඉවතට විසිවීමේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.
Leave a Reply