නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවු කන්ට්‍රි ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙනවා.
ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල පෙන්වා දෙන්නේ එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සෙසු තරඟ සම්බන්ධයෙන් ඔවුන් වෙනත් විකල්පයක් සොයමින් සිටින බවයි.
“ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්ත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරඟ සඳහා හොඳ තණතීරු ලබා දීමට කටයුතු කරමින් සිටී.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණය 2024 ලෝක කුසලානය වෙනුවෙන් මාස 5ක පමණ කාලයක් තුළදී නිර්මාණය කළ අතර ඊට අවශ්‍ය තණතීරු ඕස්ට්‍රේලියාවේ සිට රැගෙන එනු ලැබුවා.
කෙසේ වෙතත් මේ දක්වා එම ක්‍රීඩාංගණයේ පැවැති තරඟ දෙකක් වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟයට සහ ඉන්දියා – අයර්ලන්ත තරඟයටත් යොදා ගත් තණතීරු සම්බන්ධව මේ වන විට බොහෝ පාර්ශවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
ඒ එම තණතීරු පිතිකරණය සදහා කිසිසේත් යෝග්‍ය නොවීම හේතුවෙන්.
Leave a Reply