Loading...

ගම්පහ ගංවතුරට හේතු හොයා විශේෂ මෙහෙයුමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීමට හේතු සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හඳුනා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ගම්පහ ගංවතුර අවධානමෙන් මුදා ගැනීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පියවර තුනක වැඩපිළිවෙලක් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

පසුගිය මැයි මසදී ඇති වූ අධික වර්ෂාව සමඟ ගම්පහ ජලයෙන් යටවීමෙන් පවුල් 19860 පුද්ගලයින් 80411ක් පිඩාවට පත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *