රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා විකල්ප රටවලින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මැදපෙරදිග පවතින යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අවහිරතා හේතුවෙන් ඉරානයෙන් මෙරටට තාර ආනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ සිට අඩාල වී තිබූ බවයි එම අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මෙරට A හා B ශ්‍රේණියේ මාර්ග 490ක් පමණ තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට පවතින බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග, දුම්රිය මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ අදාළ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.
එම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල සඳහන් කළේ, දිට්වා ව්‍යසනයෙන් හානියට පත් සියලු දුම්රිය මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.







Leave a Reply