කඩුවෙල නගරයේ පිහිටි විද්යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ඛේදවාචකයෙන් මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්යුත් උපකරණ අලෙවි සැල පිහිටා ඇති අතර, මියගිය පවුලේ සාමාජිකයන් එහි ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විටත් යොදවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ අදාළ අංශ වැඩිදුර විමර්ශන සිදු කරනවා.






Leave a Reply