Loading...

ඥානසාර හිමියන්ගේ වසර 4ක සිර දඬුවම අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය අද (18) තහවුරු කළා.

අදාළ දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

2016 මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් උන්වහන්සේට එරෙහිව නඩු පවරා තිබුණා.

එම චෝදනාවලට වැරදිකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර, ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මෙලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *