අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළා.
එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම රිමාන්ඩ් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළා.







Leave a Reply