Loading...

රාජාංගනයේ සද්ධාරතන නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ්

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කර තිබුණා.

ඒ අනුව අදාළ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිසක් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද අනුරාධපුර පොලිසිය වෙත රැගෙන එනු ලැබීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *