Loading...

මැයි මසදී නැවතත් විදුලිබිලේ සංශෝධනයක්?

විදුලි බිලේ දැනෙන වෙනසක් අයුරින් මැයි මසදී අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120ක ලාභයෙන් මෙම සහනය ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් රටට ලැබෙන මෙම වාසිය වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත රට පුරා මේ වන විට පතුරවමින් සිටින බවද ඔහු සඳහන් කරනවා.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ උමා ඔය විවෘත කිරීමෙන් නාය යෑම් ඇති වන බව පැවසීමද ඉන් එකක් බවත් උමා ඔය නිසා නාය යන බවට මේ දක්වා කිසිඳු තහවුරු වීමක් සිදු නොමැති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *