Loading...

රතු මුහුදේ දී නෞකාවකට හූති මිසයිල ප්‍රහාරයක්

ගල් අඟුරු ප්‍රවාහනය කරමින් සිටි ග්‍රීක නෞකාවකට රතු මුහුදේදී හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ බවයි.

මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන් නෞකාව අද වන විට සම්පුර්ණයෙන්ම ගිලී ගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලයේ සේවකයන් විසි දෙනෙක් පමණ සිට තිබෙනවා.

ඔවුන් සියළු දෙනා පිලිපීන ජාතිකයින් බවයි මේ වන විට වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් එක් අයෙක් මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් ගුවන් මඟින් මුදා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන තිබුණා.

පසුගිය වසරේ නොවැම්බර් මස දී යේමනයේ හූති සංවිධානය රතු මුහුදේ වාණිජ නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර ඉල්ල කිරීම ආරම්භ කළා.

ඒ පලස්තීනයට සහය දැක්වීමක් වශයෙන්.

එතැන් සිට හූති ප්‍රහාරයකින් ගිලී ගිය දෙවන නෞකාව මෙය වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *