කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මුලික හේතු විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව අදාළ කමිටුවට නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අනෙක් ආයතනවල නියෝජනයක් ද ලබාදී තිබෙනවා.
මේ අනුව කොළඹ ගංවතුර පාලනය කිරීම පිළිබඳ වාර්තා ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා ඇති බව සඳහන්.
තවද අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීමට අදාළ නිර්දේශ මේ සමඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.








Leave a Reply