මේ වන විට ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට ලැස්ති වෙන නිසා මට හිතුණා මට පුළුවන් විදියට යමක් හැමෝම අතරේ බෙදා ගන්න.
මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160 ගැන සම්පූර්ණ විස්තරයක්.
මේක නිකන්ම නිකන් ලිස්ට් එකක් නෙමෙයි. 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවත් එක්කම තියෙන ලිපියක් මේක.
මේ TreeMap එකේ විශේෂත්වය තමයි ඡන්ද දායකයින් සංඛ්‍යාවට අනුලෝමව සියළු ආසන වෙන් කරලා තිබීම, එයින් ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි ප්‍රමාණයන් ගැන.
————————————————-
“ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160”
ශ්‍රී ලංකාවේ 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 යි.
ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළ මැතිවරණ කොට්ඨාස 22 ක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 20 ක් “මැතිවරණ කොට්ඨාස” වශයෙන් සැලකුණත්,
යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක දෙක “යාපනය මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,
මන්නාරම, මුලතිව් සහ වව්නියාව පරිපාලන දිස්ත්‍රික්ක තුන “වන්නි මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,
හඳුනාගන්න පුළුවන්.
මේ මැතිවරණ කොට්ඨාස 22 තුළ මැතිවරණ බල ප්‍රදේශ (මැතිවරණ ආසන) 160 ක් ඇතුළත් වෙනවා.
වැඩිම ඡන්ද දායකයින් ඉන්න පළාත වෙන්නේ බස්නාහිර පළාතයි.
එම සංඛ්‍යාව 4,670,724 ක්.
අඩුම ඡන්ද දායකයින් ඉන්න පළාත වෙන්නේ උතුරු පළාතයි.
එම සංඛ්‍යාව 899,268 ක්.
වැඩිම ඡන්ද දායකයින් ඉන්න දිස්ත්‍රික්කය වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි.
එම සංඛ්‍යාව 1,881,129 ක්.
අඩුම ඡන්ද දායකයින් ඉන්න දිස්ත්‍රික්කය වෙන්නේ වන්නි දිස්ත්‍රික්කයයි.
එම සංඛ්‍යාව 306,081 ක්.
වැඩිම ඡන්ද දායකයින් ඉන්න මැතිවරණ ආසනය වෙන්නේ නුවරඑළිය-මස්කෙලිය මැතිවරණ ආසනයයි.
එම සංඛ්‍යාව 347,646 ක්.
අඩුම ඡන්ද දායකයින් ඉන්න මැතිවරණ ආසනය වෙන්නේ කයිට්ස් මැතිවරණ ආසනයයි.
එම සංඛ්‍යාව 25,533 ක්.

සටහන – විකුම් හර්ෂණ








Leave a Reply