Loading...

කංචන දේශපාලනයෙන් සමුගනිද්දී විජේසේකර පවුලේ තවත් අයෙක් මාතරින් දේශපාලනයට

තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත්, නැවත දේශපාලනයට සම්බන්ධ වීමේ කිසිදු අරමුණක් හෝ වුවමනාවක් තමන්ට නොමැති බවත් හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (14) නිවේදනය කළා.

ඒ, සිය නිල ෆේස්බුක් පිටුවෙහි විශේෂ සටහනක් තබමින්.

මේ අතර, විජේසේකර පවුලේ තවත් සාමාජිකයෙකු මාතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව, කංචන විජේසේකර මහතාගේ බාප්පාගේ පුතා වන අග්බෝ විජේසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් (UNP) මාතර දිස්ත්‍රික් දේශපාලනයට පිවිසීමට නියමිත බව සඳහන් වනවා.

අග්බෝ විජේසේකර මහතා පසුගිය දිනක එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට විශේෂ උපදෙසක් ලබා දෙමින් පවසා ඇත්තේ,

“මට මතකයි රොනී ද මැල් මුදල් ඇමතිතුමා මරණයට කලින් කිව්වා එයාගෙන් පස්සේ කංචන විජේසේකරට ඡන්දය දෙන්න කියලා. ඒ කරාව කුලය නිසා. කංචන දැන් දේශපාලනයෙන් ඈත් වෙලානෙ. ඒ නිසා ඔයාට පුළුවන් ඒ රිලේ එක දුවන්න.”

හිටපු ජනාධිපතිවරයාගේ එම උපදෙසත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කටයුතු සඳහා අග්බෝ විජේසේකර මහතා ඉදිරියේදී සක්‍රීයව එක්වීමට නියමිත බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *