Loading...

ඇල්පිටිය පුංචි ජන්දය

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී හමාරය. එයින් ජාතික ජනබල වේගය ඉහලින්ම ජයග්‍රහණය කලා. සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවත්වූ පළමු මැතිවරණය මෙයයි. ඉතා කුඩා ඡන්දයක් ලෙස සැලකුනද මෙය දේශපාලන පක්ෂ වලට වගේම දේශපාලන නියෝජිතයින්ටද ඉතාමත් වැදගත්. මේ ඡන්දය සදහා දේශපාලන පක්ෂ 8ක් තරග කලා. ඒ අතර එක් ස්වාධීන පක්ෂයක්ද තරග කළේය. ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත් වෙනවා. ඡන්ද මද්‍යස්ථාන 47ක් අතර මෙම ඡන්ද විමසීම පැවැත්වුනා. මෙම මැතිවරණයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තොරා පත් කර ගනියි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අනෙක් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලින් වෙන් වෙලා පැවැත්වුනා. එකට හේතු උනේ 2018දී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තහනම් නියෝගයක් වැටීම නිසයි. අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවත්වූ පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූනා. එයට හේතු උනේ 2018 පළාත් පාලන මැතිවරණය වෙලාවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට  ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම නිසා එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ගොනු කර තිබු නිසයි. එම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලා. මේ හේතුව නිසා නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළේය. ඉන්පසු 2019දී මෙම පෙත්සමේ අවසන් තීන්දුව ලබාදුන්නේය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුනේ නාමයෝජනාව පිළිගත් අතර ඉන්පසු එම ඡන්දය පැවැත්වුනා. ඉන් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඉතින් 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට කලින් පැවැත්වීමට මෙම හෙතුව බලපෑවා. මක්නිසාද යත් 2019දී ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව පත්වූ ප්‍රාදේශීය සභාවේ නිලකාලය දැන් අවනස් වෙලා තියෙනවා. ඒ නිසා ඇල්පිටිය පුංචි ඡන්දය කලින් පැවැත්වුනා .

කෙසේ නමුත් මෙම ඡන්දයෙන් ජාතික ජනබල වේගය ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගැනීමට සමත්වුනා. ඉතින් නොවැම්බර් 14 මහා මැතිවරණයක් රට තුල පැවැත්වීමට යන කාලවකවානුවකදී ජාතික ජනබල වේගය ලබාගත් මෙම ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී වෙනවා.

සටහන – චාතුර්යා මිතුෂි


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *