හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (03) අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ “කුමන්ත්‍රණය” සම්බන්ධ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබුණා.
අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.








Leave a Reply