Loading...

,

කුමන්ත්‍රණය ගැන දැන් පොත් ලියලා මොකටද? – අභයතිස්ස හිමි ගෝඨාභයගෙන් ප්‍රශ්ණ කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා තමා පැන්නු කුමන්ත්‍රණය ගැන පොත් ලියන්නේ එම කුමන්ත්‍රණකරුවන් නිසැකව දැනගෙන දැයි සැකයක් ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (13) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රාජපක්ෂ පවුලේම සිටිනා එම කුමන්ත්‍රණකරුවන් තවමත් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔඩොක්කුවේ බවද අභයතිස්ස හිමියෝ සඳහන් කරනවා.

“දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා තනතුරෙන් පන්නපු ආකාරය පිළිබඳ පොතක් ලියල තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා එයා පන්නපු කුමන්ත්රණකරුවන් නිසැකවම හඳුනාගෙනද මේ පොත ලිව්වේ කියලා.

ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කරගත්තේ එයාලම තමයි. ඒ වෙලාවේ බිම් මට්ටමේ ජනතාවගේ හඬට ඇහුම්කත් නොදීමත් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බලපෑ හේතුවක් වුණා.

මේ කුමන්ත්‍රනකරුවෝ අදටත් ඉන්නේ එයාලගේ ඔඩොක්කුවේම තමයි. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරපු සමහර අය එයාලගේ පවුලේමයි ඉන්නේ. අදටත් ඉන්නවා. පොත් ලියන්න ඉස්සර වෙලා මේවා හරියට තේරුම් ගන්න ඕනේ“.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *