Loading...

,

රුසියාව සහ චීනය අත්පත් කරගන්න කලින් ග්‍රීන්ලන්තය අපි අත්පත් කරගන්න ඕන – ඩොනල්ඩ් ට්‍රම්ප්

රුසියාව හෝ චීනය අනාගතයේ දී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා අමෙරිකාව එක්සත් ජනපදය එහි අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ධවල මන්දිරයේ දී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි.

ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක් රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර එහි ජනගහනය 57000ක් පමණ වනවා.

1951 ගිවිසුමක් යටතේ අමෙරිකානු හමුදා මේ වන විටත් එහි රැඳී සිටියද එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළා.

“අපි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යමක් කරනවා. මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා. රුසියාව හෝ චීනය අපේ අසල්වැසියන් වෙනවාට අපි කැමති නැහැ. ඔබ ආරක්ෂා කළ යුත්තේ අයිතිය මිස බදු පදනම මත ලබාගත් ගිවිසුම් නෙවෙයි”.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඩෙන්මාර්කය සමඟ එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *