විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමු කර ඇති බවයි.
ඒ අනුව, පනත් කෙටුම්පත අවසන් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාව අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඊට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.
රට පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් විභාගයට නියමිතව පවතින බැවින්, එම නඩු කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇති බව ආණ්ඩුව මීට පෙර සඳහන් කර තිබුණා.







Leave a Reply